VLC මීඩියා ප්ලෙයර් එක සඳහා අලංකාර Skins 10ක්
පරිගණකයෙන් චිත්‍රපට සහ ගීත
බැලීමට අප වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ VLC මීඩියා ප්ලෙයර් එක බව අමුතුවෙන්
කිව යුතු නැහැ. අපට හමුවන ඕණෑම ආකාරයක මීඩියා ගොණුවක් VLC ආධාරයෙන්
පහසුවෙන්ම ප්ලේ කරගත හැකිවීම ඒ ජනප්‍රියත්වයට හේතු වී තිබෙනවා. නමුත් VLC
මීඩියා ප්ලෙයර් එකේ අතුරු මුහුණත ඉතාමත් සරළයි. එය ඔබට කැමති ආකාරයකට වෙනස්
කර ගැනීමට VLC Media Player Skins භාවිතා කරන්න පුළුවන්. මෙම ලිපියේ
අලංකාර VLC Media Player Skins ගණනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.
පහත දක්වා ඇති ස්කින්ස් බොහෝ විට zip
ආකාරයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. ඒවා extract කරගත් පසු .vlt ආකාරයේ ෆයිල් එකක්
දක්නට ලැබේවි. එම ෆයිල් එක ඔබගේ VLC ස්ථාපනය කර ඇති ස්ථානයේ ඇති skins
ෆෝල්ඩර් එක වෙත කොපි කරන්න. බොහෝ විට එම ෆෝල්ඩරය C:\Program
Files\VideoLAN\VLC\skins වනු ඇති. ඔබ 64බිට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා
කරයිනම් එම ෆෝල්ඩරය C:\Program Files (x86)\VideoLAN\VLC\skins වනු ඇති.
කෙසේ හෝ ඔබගේ අලුත් ස්කින්ස් එම ෆෝල්ඩරයට පිටපත් කළ පසු VLC විවෘත කරන්න. එහි Tools මෙනුවෙන් Preferences තෝරගන්න. ඔබට ලැබුන වින්ඩෝවෙන් Use Custom Skins යන්න තෝරා ඔබගේ අලුත් ස්කින් එක ඇති C:\Program Files\VideoLAN\VLC\skins ෆෝල්ඩරය බ්‍රවුස් කර අලුත් ස්කින් එක තෝරාගන්න. අනතුරුව Save කර VLC ප්ලෙයර් එක restart කරන්න. දැන් අලුත් ස්කින් එකකින් යුත් VLC Media Player එකක් දක්නට ලැබේවි.

Comments
Post a Comment