Posts

Showing posts from December 7, 2013

රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

Image
මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ  ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින  ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක් බව ඔබ දැන සිටියාද? ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු  විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතා‍ව  මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය. ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති  රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත  ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි.  රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ....

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

Image
Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න   මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්න යන්නේ. ලිපිය ටිකක් දිගයි , ඒත් අවශ්ය අයට මේක සිරාම වැදගත්. එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්! මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා. මේ විදිහට email notifications දෙන sites තියනවා.එත් ඒ හැම එකකටම සල්ලි ඉල්ලනවා.ඒ නිසයි මේ ක්‍රමේ හොයා ගන්න මම try කරේ.එහෙනම් දැන් වැඩේට බහිමුකො 01. මුලින්ම Gmail එකට log වෙලා එකේ දකුණු පැත්තේ උඩ තියන gear icon එක click කරලා settings වලට යන්ඩ.ඊට පස්සේ label tab එකට ගිහිං එකෙන් " Create new label" කියන එකට යන්න. 02. ඊට පස්සේ sendsms කියලා නම දීල label එකක් හද ගන්ඩ.(නම වෙනස් කරන්ඩ එපා.මේකේ පොඩි program එකෙක්...