සඳ මත පාතැබීම වංචාවක්



සඳ මත පාතැබීම වංචාවක් යැයි පෙන්වාදිය හැකි කරුණු 5 ක් 



ඇමරිකාව විසින් සඳ මත පා තැබීම විශ්වාස නොකරන ඇමරිකානුවන් 20% ප්‍රමාණයක් සිටින බව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයක් මගින් හෙළි වී තිබෙනවා. ඒ වගේම  සඳ මත පාතැබීම පිළිබඳව  ඇමරිකාව සහ රුසියාව අතර  එවකට පැවති තරඟකාරී තත්වය තුලදී ඇමරිකානු රජය තමන් සඳ පා තැබුවේ යැයි ලොවටම මවා පෑමක් කල බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා . ඔවුන්ගේ එම මතය සනාත කිරීමට හැකි කරුණු 5ක් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා.
  
1. ලෙල දෙන කොඩිය



සඳ මත පාතැබීම සජීවීව රූපවාහිනී නාලිකා මගින් විකාශනය කරා. එහිදී දකින්නට ලැබුණු දෙයක් තමයි සඳ මත සිටවා තිබුණු ඇමරිකානු කොඩිය සැලෙමින් ලෙලදෙනවා. චන්ද්‍රයාගේ වායුගෝලය තුල වාතය නොමැති තත්වයක් තිබියදීත් ඇමරිකානු කොඩිය සුළඟින් ලෙල දීමට ලක්වුණේ කෙසේද යන කරුණයි ඔවුන් විසින් ඇමරිකාව දෙසට එල්ල කරන ලද පළමු චෝදනාව.


2. පැහැදිලි නොකළහැකි වස්තුවක් 




"Appollo 12" මෙහෙයුමේදී දැකගන්නට ලැබුණු ඉහත චායාරූපය දෙස හොඳින් අවධානය යොමුකල  හොත්  ඔබට දැකගන්නට ලැබේවි ගගනගාමියාගේ ආරක්‍ෂිත හිස් ආවරණයට වැටී තිබෙන අමුතු වස්තුවක ප්‍රතිබිම්බයක්. එම වස්තුව තරමක් විශාලනය කර දක්වා තිබෙනවා ඉහත පින්තූරයේ. එම වස්තුව ඉතාමත් සමාන වෙනවා  "Film Studio" වලදී ආලෝක කරණය සඳහා උඩින් එල්ලා තබන "spotlight" එකකට. නමුත් මෙම පින්තූරයේ ගුණාත්මක භාවය ඉතාමත්  අඩු මට්ටමක පවතින නිසා එය වඩාත් නිවැරදිව පැවසීමට අපහසු වෙනවා
 3. ආලෝක ප්‍රභවයන් කිහිපයක් 


 චන්ද්‍රයා සතුව පවතින්නේ  එක්  ප්‍රබල ආලෝක ප්‍රභයක් පමණයි. ඒ නම් සුර්යයා පමණයි. එම හේතුව නිසා සඳ මත පාතැබීමේදී ගනු ලැබූ දර්ශන සහා චයාරූප වල තිබෙන සෙවනැලි එකිනෙකට සමාන්තර විය යුතු වෙනවා. මෙම ඉහත චායාරූපයේ දකින්නට ලැබෙන සෙවනැලි වෙනස් දිශාවන් වලින් වැටී තිබීම නිසා පැවසීමට හැකි වෙන්නේ ආලෝක ප්‍රභයන් එකකට වඩා වැඩි ගණනක් ඇති "Film Studio" එකක් වැනි තැනකදී සඳ මත පාතැබීම පටිගත කර ඇති බවයි. 


4. ඉතාමත් පැහැදිලි පිය සටහන්.


 සඳ මත පාතැබීම නිසා  ගගනගාමීන්ගේ බූට් වලින් සෑදුන  පිය සටහන් වල තිබෙන රේඛාවන් ඉතාමත්ම පැහැදිලිව දිස් වෙනවා ඔබට පෙනෙනවා ඇති. මෙම පින්තූරයේ සිටින්නේ "Aldrin" කියන ගගනගාමියා වන අතර ඔහු මෙතනදී සිදු කරන්නේ චන්ද්‍රයාගේ  මතු පිට තිබෙන පස පිළිබඳව අධ්‍යයනය කිරීම පිණිස චායාරූපයක් අරගැනීමයි. සඳ මතදී අරගනු ලැබූ පින්තූර කිහිපයකම තිබෙනවා ගගනගාමීන්ගේ බූට් වලින් සෑදුන මෙවැනි ආකාරයේ පැහැදිලි පියසටහන් විශාල ගණනක්.

අපි හැමෝම දන්නවනේ දැන් මොකක්ද කියල මෙතන තියෙන ගැටලුව .ඒ තමයි, චන්ද්‍රයාගේ පෘෂ්ටය මතු  පිට  ජලය  නොපැවතීම නිසා කිසි ලෙසකින් මෙලෙස පැහැදිලිව පියසටහන් ඇති වීමට කිසිඳු හේතුවක් නැහැ. මොකද චන්ද්‍රයා කියල කියන්නේ සම්පූර්ණයෙන්ම වියලුන ලෝකයක් නිසා.



5. පිටපත් කරන ලද පසු තිරය 


උඩ තිබෙන පින්තූර දෙක අරගෙන තිබෙන්නේ සැතපුම් කිහිපයක් පමණ දුරකින්. එම පින්තූර දෙකෙහි පසුබිමෙහි  තිබෙන උඩ  කොටස එකිනෙකට සමානකමක් තිබෙනවා ඔබට දැකගන්නට පුළුවන් පහසුවෙන්ම. සඳ මත පාතැබීමේ දර්ශන පටිගත කරගැනීම සඳහා NASA ආයතනය විසින් සරලව සාදාගනු ලැබූ එකම පසුබිම් තලයක් භාවිතා කර තිබෙන බව මේ මගින් පැහැදිලි වෙනවා.

මේ ඉහතින් සඳහන් කරනු ලැබුවේ සඳ මත පාතැබීම වංචාවක් යැයි පැවසිය හැකි වෙන ප්‍රධානම කරුණු කිහිපයක් පමණයි. මෙයට අමතරව තවත් එවැනි කරුණු තිබෙනවා. ඒවා තවත් ලිපියක් මගින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 


සැ.යු :- මෙම ලිපය ලිවීමේ අරමුණ වුයේ  ඇමරිකාව මගින් සඳ මත පාතැබීම වන්චාවක් බව වැඩි දෙනෙක් ප්‍රකාශ කිරීමට හේතු වුනු කරුණු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි. මෙය පිලි ගැනීම හෝ නොපිලි ගැනීම ඔබ සතු දෙයක් වෙනවා. මෙහි ඇතුලත් වෙන කරුණු සම්බන්ධව ඔබේ අදහස් නිදහස්ව comment එකක් මගින් ඔබට දැක්වීමට අවස්තාව තිබෙනවා. 

Comments

Popular posts from this blog

Processors ගැන ඔබ නොදත් දේ…....

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න - සොෆ්ට්වෙයා